Sunday 22 November 2020

Resistors | ප්‍රතිරෝධක හඳුනා ගනිමු

Electricity Conductors - පරිවාරක | සන්නායක | අර්ධ සන්නායක හඳුනා ගනිමු

Robotics Program - රොබෝ තාක්ෂණික වැඩසටහන 2 වන කණ්ඩායම



UNFORGETTABLE EXPERIENCE !!! Let's study the robotics Programming

ඇයි අපට රොබෝ තාක්ෂණ අධ්‍යාපනය මෙතරම් වැදගත් ? | Why is robotics so important to us ?

මානව කටයුතු පහසු කර ගැනීම සඳහා රොබෝ තාක්ෂණය යොදා ගැනීමට අද කාගේත් අවධානය යොම වී තිබේ. එනම් ලොව අලුතින් නිපදවනු ලබන තාක්ෂණික උපාංග සඳහා රොබෝ යන්ත්‍ර යොදා ගනු ලබයි. ඉතා සංකීර්ණ කාර්යයන් ඉතා පහසුවෙන් ඉටු කර දීමට මෙම රොබෝ යන්ත්‍ර වලට හැකියාව තිබේ.

රොබෝ තාක්ෂණය යොදා ගැනීම මඟින් ක්‍රියාවලින් ස්වයංක්‍රීය කරණයට, ඵලදායීතාව ඉහළ නැංවීමට, ගුණාත්මක භාවය වැඩි කිරීමට සහ මිනිසුන් අතින් සිදුවන දෝෂ අඩු කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

2030 වසර වන විට ලොව පුරා කර්මාන්ත අංශයේ රැකියා මිලියන 20ක් පමණ රොබෝවරුන් මගින් සිදු කරනු ඇතැයි 'ඔක්ස්ෆර්ඩ් ඉකොනොමික්ස් (Oxford Economics) මගින් සිදු කළ සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

එම නිසා ඉහත කාර්යය සැලකීමට ගෙන ශ්‍රී ලංකාව තුල එම රොබෝ තාක්ෂණය ප්‍රචලිත කිරීමේ වැඩසටහනක් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශ විසින් 6 ශ්‍රේණියේ සිට 10 ශ්‍රේණිය දක්වා සිසුන් සඳහා වාර්ෂිකව සමස්ත ලංකා පාසල් රොබෝ තාක්ෂණ තරගාවලියක් පැවැත්වීමට කට යුතු සිදු කර තිබේ.

එය තුලින් දරුවන්ගේ නවෝත්පාදන චින්තන හැකියාව හෙවත් සැඟවුණු දක්ෂතා කල එළි දැක්වීමට, දිරිගැන්වීමට හා ඇගයීමට අවස්ථාවක් උදා වනු ඇත. මේ සඳහා කුඩා කල සිට ම දරුවන් තුළ ඇත්තේ නො නිමි කුතුහලයකි. එය ඔවුන් සහජයෙන් උරුම කරගත් දෙයක්‌ වැනි ය. එහෙත් ඒ කුතුහලය සියුම් දැනුම් සම්භාරයකින් පෝෂණය වූ කල ඉන් විස්‌මයජනක නිර්මාණ බිහි වනු ඇත. අද විද්‍යාව හා තාක්ෂණයේ නිම් වළලු පුළුල් කරමින් නව මං පෙත් සොයා ඇදෙන්නේ ද මේ නො නිමි කුතුහලය සහ අවට ඇති දේ පිළිබඳ වූ නිරීක්ෂණය හා පරීක්ෂණය නිසාවෙනි.

එහෙත් අද විද්‍යාව හා ඒ හා සබැඳි විෂයන් පිළිබඳව ළමයින් තුළ ඇත්තේ ඍණාත්මක ප්‍රතිරූපයකි. එය හුදු පාඩම් කළ යුතු, විෂය නිර්දේශයකට නතු වූ තවත් එක්‌ විෂයක්‌ ලෙස ලඝු කරනු විනා එය ලෝකය දකින මගක්‌ ලෙස තේරුම් ගැනීමට ළමා මනසට අද නො හැකි වීම අභාග්‍යයකි. එබැවින් විද්‍යාව යනු පොත පත දැනුමට පමණක්‌ සීමා වූ නිර්වචන හා සමීකරණ සමූහයක්‌ නො වන වග අවබෝධ කරගත් ළමයින් ඇත්තේ අද අතළොස්සකි.

එවන් සමාජ පසුබිමක මෙම වැඩමුළුව තුලින් නිර්මාණශීලී දීප්තිමත් දරු පරපුරක දක්ෂතා සහ පර්යේෂණාත්මක ආකල්ප වර්ධනය කිරීම සහ ඔවුන්ගේ නවෝත්පාදන චින්තන හැකියාව (Innovative skills) වඩා වැඩිදියුණු කර දීම සඳහා වේදිකාවක්‌ නිර්මාණය කර දීම, දිරිගැන්වීම සහ ඒවා ඇගයීමයි කිරීමේ සිදු කර දෙනු ලබයි.